ගුවන් ගමන් පාලකවරුන් 38ක් රට හැරයයි

By Sewvandhi Dec 17, 2022 02:12 PM GMT
Report

 මෙරට තුළ පවත්නා ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ගුවන් ගමන් පාලකවරුන් 38 දෙනෙකු රට හැර ගොස් ඇතැයි නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන බව පුවත්පතක් වාර්ථා කරනවා.

වෙනත් රටවල සිවිල් ගුවන් සේවා ආයතනයන්හි ඉහළ වැටුප් සහ පහසුකම් ලබාදෙන හෙයින් ඔවුන් මෙසේ රට හැර ගොස් ඇති බව දැනගන්නට ඇති බවයි දැක්වෙන්නෙ.

මේ තත්වය නිසා ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පාලකවරුන්ගේ දැඩි හිඟයක් මතුව තිබෙන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ මෙය අද රටේ සෑම ක්ෂේත්‍රයකටම පොදු වූ ප්‍රශ්නයක් බවයි.

ගුවන් ගමන් පාලකවරුන් විසිපස් දෙනෙකු අලුතින් බදවා ගත් බවද ඔහු සඳහන් කළේය. මේ අතර ගුවන් නියමුවන් රැසක්ද පසුගිය කාලයේදී රට හැර ගොස් ඇතැයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ගවලින් පැවසේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now