නැගෙනහිර බල පෙරළියක් ? පස මිතුරන් එකට කරලියට (PHOTOS)

Karuna Amman Pillayan S. Viyalendiran Sri Lanka Politician Sinhala news
By Akash Mar 22, 2025 01:39 PM GMT
Akash

Akash

Report

කාලයක් එකට වැඩ කරපු දෙදෙනෙකු තවත් කාලයක් දෙන්නට මුන ගැසුනත් දෙපැත්ත බලන් ගියා. කාලයක් මේ දෙදෙනාම කුරිරු ත්‍රස්තවාදයට සම්බන්ධ වී නැගෙනහිර ආධිපත්‍යය තමන් සතුව තියන් සිටියා.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පැමිණි මේ දෙදෙනා මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනෙකු වුනත් උතුරු නැගෙනහිර සමහර දමිල ජනතාව මොවුන් දෙදෙනා දෙමල ජනතාවගේ ද්‍රෝහියන් බවට පවසනවා.

මාරක අනතුරින් විශාල පිරිසක් රෝහල් ගත කෙරේ (VIDEO) (UPDATE)

මාරක අනතුරින් විශාල පිරිසක් රෝහල් ගත කෙරේ (VIDEO) (UPDATE)

ඒ කෙසේ වෙතත් නැගෙනහිර දෙමළ සන්ධානය සමග හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් ද මේවන විට එකතු වී තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගෙන හිටපු රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා විසින් එය පිහිටවනු ලැබුනා.

අද (22) එයට අදාළ අවබෝධතා ගිවිසුම මඩකලපුවේ දී අත්සන් තැබුනා.

වෙළෙඳපොළේ සහල් හිඟය - කීරි සම්බා මිල යළි ඉහළට!

වෙළෙඳපොළේ සහල් හිඟය - කීරි සම්බා මිල යළි ඉහළට!

එය සමග හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ද එක්ව සිටියා. කෙසේ වෙතත්, සිවනේසතුරේයි චන්ද්‍රකාන්තන් මහතා සහ වියාලේන්ද්‍රන් මහතා යන හිටපු ඇමතිවරුන් එක්ව විනයාගමූර්ති මුරලිදරන් මහතා සමග කළ සාකච්ඡාකින් පසු මෙම සන්ධානය සමග ඔහුද එක්ව සිටිනවා.

වාර්තා වන්නේ මෙවර පළාත් පලාන මැතිවරණයේදී ඔවුන් තිදෙනා විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ඡන්දය මෙහයවනු ඇති බවයි.

නැගෙනහිර බල පෙරළියක් ? පස මිතුරන් එකට කරලියට (PHOTOS) | Pillayan Karuna Join With Same Party

නැගෙනහිර බල පෙරළියක් ? පස මිතුරන් එකට කරලියට (PHOTOS) | Pillayan Karuna Join With Same Party



ReeCha