පිල්ලයාන්ගේ කාර්යාලය පොලිසියෙන් පරීක්ෂාවට – මඩකලපුව උණුසුම්වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ මඩකලපුවේ පිහිටි කාර්යාලය අද (30) පොලිසිය විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇත.
මෙම පරීක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකායේ (STF) සාමාජිකයන් ද එක්ව සිටි බව වාර්තා වේ.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමණියම් රවින්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව පොලිසිය විසින් සිදු කෙරෙන විමර්ශනයන් හා සම්බන්ධව පිල්ලයාන් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහු මේ වන විට රැඳවුම් භාරයේ පසුවෙයි.
