හිර බත් කකා පාතාලේ මෙහෙයවන්නේ මෙහෙමයි..නමගිය ප්‍රබල පාතාලයන් දෙදෙනෙකුගේ මැදිරියේ පිටුපසින් හමු වූ දේ..

Report

සංවිධානාත්මක අපරාධ කරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන ගනේමුල්ල සංජීව හා වෙලේ සුදා රඳවා සිටින සිරමැදිරි පිටුපස සඟවා තිබූ දුරකථනයක් හා දුරකථන කොටස් කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා.

සමේ පැහැය වැඩි කරගන්න ඔයත් ක්‍රීම් එකක් ගෙන්න ගත්තද..?

සමේ පැහැය වැඩි කරගන්න ඔයත් ක්‍රීම් එකක් ගෙන්න ගත්තද..?

විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග මත බුස්ස බන්ධනාගාර කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එල්.සි. උභයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම හදිසි සෝදීසි කිරිම සිදු කර තිබෙනවා.

ගංවතුරෙ බෝට්ටුව පෙරළි අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයාගැනේ..

ගංවතුරෙ බෝට්ටුව පෙරළි අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයාගැනේ..

එහි දී සංවිධානාත්මක අපරාධ කරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව රඳවා සිටින සිරමැදිරියේ පිටුපස සඟවා තිබී ස්මාර්ට් ජංගම දුරකථනක්, G.W. සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා රඳවා සිටින සිරමැදිරියේ පිටුපස සඟවා තිබී සුදුපැහැති හෑන්ඩ් ප්‍රී 01ක් හා අනෙක් සිරමැදිරිය පිටුපස සඟවා තිබූ Type C කේබල් 01 ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.

හිර බත් කකා පාතාලේ මෙහෙයවන්නේ මෙහෙමයි..නමගිය ප්‍රබල පාතාලයන් දෙදෙනෙකුගේ මැදිරියේ පිටුපසින් හමු වූ දේ.. | Phones Found At The Back Of The Cell