දන්සල් 7000ක් පරීක්ෂාවට - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් දැනුම්දීමක්

Report

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කර තිබූ දන්සල් 7,000කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කළ බව පවසයි.

දිවයින පුරා දන්සල් 7,215ක් පරීක්ෂාවට ලක් කළ බවත් අඩුපාඩු පැවතීම හේතුවෙන් නිවැරදි කර පවත්වාගෙන යාමට දන්සල් 131කට අවසර ලබා දී ඇති බවත් වාර්තා වේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත්තේ ප්‍රමිතියෙන් තොරව සකස් කළ සිසිල් බීම දන්සල් 04ක් තහනම් කිරීමට හා පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 18,412ක් ලියාපදිංචි වී තිබුණු බවයි.

මාරාන්තික රෝගයක් එන්න එන්නම ව්‍යාප්ත වෙයි - රෝගීන් 53,159ක් වාර්තා වෙයි

මාරාන්තික රෝගයක් එන්න එන්නම ව්‍යාප්ත වෙයි - රෝගීන් 53,159ක් වාර්තා වෙයි

මේ අතර අද සහ හෙට පවත්වනු ලබන එම දන්සල් පරීක්ෂාවට ලක් කරන බව එම සංගමය සඳහන් කළේය.

එමෙන්ම පොසොන් කලාප ආශ්‍රිතව ඇති වෙළෙඳසැල් සහ තාවකාලික පොසොන් වෙළෙඳසැල්ද පොසොන් සතියේදී පරීක්ෂාවට ලක් කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේය.

මේ අයගේ විශ්‍රාම ගැන්වීමේ වයස තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට රජයේ අවධානය

මේ අයගේ විශ්‍රාම ගැන්වීමේ වයස තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට රජයේ අවධානය