පැය 48 ඉන්ධන ඇණැවුමක් නෑ : ඉන්ධන අවුල ගැන තෙල් ඇමති සද්ද නෑ

Ceylon Petroleum Corporation Sri Lanka Economic Crisis Economy of Sri Lanka
By Gagana News Mar 03, 2025 11:27 AM GMT
Gagana News

Gagana News

Report

ඛනිජතෙල් බෙදුම්කරුවන් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අතර ඇතිවී තිබෙන ගැටළුව තවදුරටත් ඇඳී යමින් පවතී.

මේ අතර ගතවුනු පැය 48 තුළ කිසිදු ඉන්ධන ඇණවුමක් සිදු නොකළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

තමන්ට සාධාරණ විසඳුම් ලබාදෙන තුරු ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටින බව සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා ද කියා සිටී.

ඉන්ධන ප්‍රශ්නෙන් ආණ්ඩුව ෆේල්! සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

ඉන්ධන ප්‍රශ්නෙන් ආණ්ඩුව ෆේල්! සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

මේ සම්බන්ධයෙන් අවස්ථා කීපයකදීම රජයේ පාර්ශ්වයෙන් සිය ස්ථාවරය පැහැදිලි කළ ද බලශක්ති අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සැලකිය යුතු අදහස් දැක්වීමක් සිදුකර නැත.

ප්‍රධාන පෙළේ මාධ්‍ය නාලිකා ගණනාවක් ඔහු මේ සම්බන්ධයෙන් සම්බන්ධ කරගෙන උත්සාහ කළත් එම අවස්ථා සාර්ථක නොවූ බව සඳහන් කරති. තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සමග ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම වැඩි වශයෙන් සිදුකර ඇත්තේ තෙල් සංස්ථාවේ සභාපතිවරයා විසිනි.

ඊට අමතරව කැබිනට ප‍්‍රකාශක නලින්ද ජයතිස්ස මෙන්ම අදාළ විෂයෙන් පරිබාහර ඇමතිවරුන් කිහිප දෙනෙකුද අදහස් පලකර ඇතත් මෙතෙක් විෂය භාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් නිල පැහැදිලි කිරීමක් සිදුකර නැත. 

තෙල් අර්බුදය අන්තිමේ CIDඑකටත් යයි! කඩාකප්පල්කාරී පිරිසක් ගැන ඇහෙන කතාව

තෙල් අර්බුදය අන්තිමේ CIDඑකටත් යයි! කඩාකප්පල්කාරී පිරිසක් ගැන ඇහෙන කතාව

ReeCha