ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අර්බුධයක

By Dilasha Apr 01, 2025 07:33 AM GMT
Report

ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන බෙදාහැරීම සඳහා ඉන්ධන හල් වලට හඳුන්වා දී තිබෙන ක්‍රමවේදයට කොමිස් මුදල අනුව ඉන්ධන හල් පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයට පත් වෙමින් තිබෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා ප්‍රකාශ කර සිටි.

මේ මාසයේ සිට සේවකයන්ට වැටුප් වැඩි කිරීම ඇතුළු වියදම් දැරීමෙන් පසු ඉන්ධන හලක (අලෙවිය වැඩි) ලැබෙන ලාභය රුපියල් ලක්ෂ දෙකක් පමණද ඉන්ධන අලෙවිය අඩු ඉන්ධන හලකට ඊට වඩා අඩු ලාභයක් ද ලැබෙන තත්ත්වයක් පවතින බව සඳහන් කළේය.

පර්චස් 25 ක පමණ භූමියක් රුපියල් කෝටි 15ක් පමණ වැයකර පවත්වාගෙන යන ඉන්ධන හලකින් ඉතා අඩු ලාභයක් ලැබීමෙන් එවැනි ඉන්ධනහල් පවත්වාගෙන යෑම ගැටලුවක් බවද ඔහු සඳහන් කළේය. මෙය ඉන්ධන බෙදා හැරීම කඩා කප්පල් කිරීමට ගන්නා උත්සාහයක් නොවන බවත් මේ වන විට තෙල් බෙදුම්කරුවන් විසින් ද නව යෝජනා මාලාවක් ඛනිජ තෙල් සංස්ථාවට ලබාදී ඇති අතර සහනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බවත් සන්දනායක මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.  

හිටපු අමාත්‍යවරයෙක් යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍යවරයෙක් යළි රිමාන්ඩ්

[6TVVKSX ]