රටපුරා ඉන්ධන පිරවුම්හල් අලෙවිය වහාම නවතා දමයි.. පිරවුම්හල් වල එක දිගට දිගු පෝලිම්..
By krishani
අද (05) සිට රටපුරා වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කරන බව පාකිස්තාන ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමය සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ සිය ගැටළු සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවැති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්වීම හේතුවෙන් ය.
එම වැඩවර්ජනයට සමගාමීව රට පුරා ඉන්ධන පිරවුම්හල් 13,000කට අධික සංඛ්‍යාවක මෙහෙයුම් නතර කර තිබෙනවා.
කෙසේ වෙතත්, අලුතින් හඳුන්වා දී තිබෙන බද්දක් මුල් කරගෙන මෙම අර්බුදය හටගෙන ඇති එරට මාධ්‍ය වාර්තා කළේ ය.
මේ අතර, ඊයේ (04) දිනයේ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල සුළු ඉහළ යෑමක් පෙන්නුම් කළේ ය.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 84 ඉක්ම වීය.
එමෙන්ම, WTI බොරතෙල් මිල ඩොලර් 84ට ආසන්න වූ අතර ගත වූ මාසය තුළ ලෝක බොරතෙල් මිල ඩොලර් 10ක පමණ අගයකින් ක්‍රමිකව ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.