ඩයනා ගොනුකළ පෙත්සමෙන් සජිත්ට සහ රංජිත්ට සජබේ තනතුරු අහිමි වෙයි?.. ලැබුණු තීරණාත්මක තීන්දුව...

Report

සමගි ජන බලවේගයේ පක්ෂයේ සභාපති සජිත් සහ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ‍යන මහත්වරුන්ට එම ධුර දැරීමට නීත්‍යානුකූල හැකියාවක් නොමැති හෙයින් එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඩයනා ගමගේ ගොනු කල පෙත්සම කොළඹ දිසා අදිකරණ විනිසුරු සදුන් විතාන මහතා ඊයේ ප්‍රතික්ෂේප කළා.

ඩයනා ගමගේ මෙලෙස ගොනුකළ පෙත්සමකට අනුව මෙම තීන්දුව ඊයේ ලබා දී තිබුණා.

ඇය එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ සජිත් සහ රංජිත් යන දෙදෙනායි.

ඇය මෙම නඩුව ගොනු කර තිබුණේ ඔවුන් දෙදෙනා එක්සත් ජාතික පක්ෂයේ ද සාමාජිකයන් බැවින් සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව අනුව එය පටහැනි බවයි.