සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට විරුද්ධව පෙත්සමක්
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෙම පෙත්සම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු විසින් ඉදිරිපත් කර ඇති අතර, වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.