තරුණයින්ට මෙන්න සතුටුදායක ආරංචියක්..යතුරුපැදි සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය මෙන්න.(PHOTOS)

Report

එන්ජින් ධාරිතාවය ඉහළ අගයන් වලින් යුතු යතුරුපැදි ලියාපදිංචියට අවසර දීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව සඳහන් කරමින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබුණා.

තරුණයින්ට මෙන්න සතුටුදායක ආරංචියක්..යතුරුපැදි සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය මෙන්න.(PHOTOS) | Permission To Register High Powered Motorcycles

ඊට අදාල සටහන පහතින්.

අධි ධාරිතාවයෙන් සමන්විත යතුරුපැදි ලියාපදිංචියට අවසර…

රටේ තාරුණ්‍යය මා හට කළ ඉල්ලීමක් වන අධි ධාරිතාවයෙන් සමන්විත යතුරුපැදි ලියාපදිංචි කිරීමේ යෝජනාවට අවසර ලබා දීමට ශක්තියක් වෙමින්, තාරුණ්‍යයේ හඬට හොඳින් සවන්දෙමින් ඔවුන්ගේ අවශ්‍යතා තේරුම්ගත් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත්, ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාටත්, ගරු ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාටත් මා විශේෂ ස්තූතිය මෙයින් පුද කර සිටිමි.

මෙම අධි ධාරිතා යතුරුපැදි ලියාපදිංචියෙන් ලැබෙන ආදායමින් කොටසක් ශ්‍රී ලංකා පොලීසියේ අධි ධාරිතා යතුරුපැදි මිලදී ගැනීමට සහ අදාළ විශේෂ අවශ්‍යතා සඳහා යොදා ගැනීමටත් සාකච්ඡා කෙරිණි.

තවද, මෙම ඉලක්කය සාර්ථක කර ගැනීමට දායකවූ සැම දෙනාටම මාගේ විශේෂ ස්තූතිය මෙයින් පුද කර සිටිමි.

GalleryGallery