මහජන බැංකුව විශේෂ තීරණයකට යයි - කාලයත් දැනුම් දෙමින් සිදුකරන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. (PHOTO/UPDATE)

People's Bank Businessman Latest Headlines Decision Making
By krishani Apr 15, 2024 09:54 AM GMT
krishani

krishani

Report

UPDATE :-

මහජන බැංකුව විසින් නැවතත් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ මහජන බැංකුවේ කාඩ්පත් ගෙවීම් පද්ධතියේ යාවත්කාලීන කිරීමක් සිදුකිරීම කිරීම හේතුවෙන්, 2024 අප්‍රේල් 16 වන අඟහරුවාදා දින පෙ.ව. 12.45 සිට පෙ.ව. 1.45 දක්වා පහත සේවාවන් වලට බාධාවන් සිදු විය හැකි බව සඳහන් කරමින් ය.

🟢සියලුම Credit සහ Debit කාඩ්පත් ගනුදෙනු 

🟢වෙළඳ ආයතන සේවාවන් (POS, IPG, MPOS)

කෙසේ වෙතත්, මේ නිසා සිදුවන අපහසුතාවය පිළිබඳව බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ට සඳහන් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

මහජන බැංකුව විශේෂ තීරණයකට යයි - කාලයත් දැනුම් දෙමින් සිදුකරන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. (PHOTO/UPDATE) | Peoples Bank Announsment

-------------------------------------------------

මහජන බැංකුවෙන් ඔබ දැනගත යුතුම දෙයක් ගැන එකවරම කළ විශේෂ දැනුම්දීමක් මෙන්න. (PHOTO)

මහජන බැංකුව විසින් සිය ගණුදෙනුකාරභවතුන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මහජන බැංකුව විශේෂ තීරණයකට යයි - කාලයත් දැනුම් දෙමින් සිදුකරන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. (PHOTO/UPDATE) | Peoples Bank Announsment

ඒ මෙම උත්සව සමයේ ඔබට ලැබී ඇති හෝ ලැබීමට නියමිත භාණ්ඩයක් පිළිබඳව පවසමින් ඔබගේ තොරතුරු හා බැංකු කාඩ්පත් තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා වංචනික sms පණිවිඩයක් සංසරණය වන බවයි.

දින 03ක්?. ලංකා බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

දින 03ක්?. ලංකා බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


එහි සඳහන් වන පරිදි තම පුද්ගලික තොරතුරු, බැංකු ගිණුම් දත්ත, ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් තොරතුරු හෝ OTP අංක නොදන්නා වෙබ් අඩවි වෙත හෝ  කිසිදු තෙවන පාර්ශවයකට ලබා දීමෙන් වළකින ලෙස මහජන බැංකුව සිය ගනුදෙනුකාරභවතුන්ගෙන් ඉල්ලා සිටියි.

එම දැනුම්දීම පහතින්,

Gallery