මහජන බැංකුව ගණුදෙනුකාරභවතුන්ට කළ දැනුම්දීමක්

People's Bank Technology Latest Headlines
By Aruna Mar 15, 2025 09:15 PM GMT
Aruna

Aruna

Report

මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ උසස් සේවාවක් ලබාදීම සඳහා ඩිජිටල් බැංකු පද්ධතිය යාවත්කාලීන කරන බවයි.

එබැවින්, පහත සඳහන් වේලාවන් හි දී අදාල සේවාවන් සඳහා බාධා ඇතිවිය හැකිය.

ඒ 2025 මාර්තු 16 වැනි ඉරිදා පෙ.ව. 1.00 සිට පෙ.ව. 3.00 අතර ය.

බාධා ඇතිවිය හැකි සේවාවන් වන්නේ,

  • මහජන බැංකුවේ ATM යන්ත්‍ර හරහා සිදුකරන සියලුම ගනුදෙනු
  • CRM සහ CDM භාවිතයෙන් සිදුකරන මුදල් තැන්පත් කිරීම
  • මහජන බැංකුවේ ATM ජාලය ඔස්සේ සිදුකරන සියලුම මුදල් ලබා ගැනීම්
  • CRM සහ CDM භාවිතා කරමින් සිදුකරන බිල්පත් ගෙවීම්

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඇතිවන අපහසුතාවය පිළිබඳව මහජන බැංකුව සිය කණගාටුව පළකර ඇත.

එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery
ReeCha