පදවිය වැවෙන් ජලය හොරකම් කල තිදෙනෙක් රිමාන්ඩ් .
By Madheeha_Naz
පදවිය වැවේ වාන් දොරටුවට අධිබලැති ජැක් ගසා හොරෙන් ජලය ලබා ගත් බව කියන ව්‍යාපාරිකයා ඇතුළු සෙසු සැකකරුවන් දෙදෙනා මේ මස 24 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා විසින් නියෝග කර තිබෙනවා.
මෙසේ රිමාන්ඩ් භාරයට ගැනුණේ ප්‍රධාන සැකකාර ව්‍යාපාරිකයකු වන ඩබ්ලිව්. ඒ. මයුර ප්‍රදීප් මධුසංඛ, .ඩබ්ලිව්. ඩී. උපාලි කුමාරතුංග සහ එන්. ඩී. ටී. කමල් ප්‍රියශාන්ත යන සැකකරුවන්ය.
මොවුන් සම්බන්ධ විමර්ශන මෙතෙක් අවසන් වී නොමැති බවද පොලීසිය ප්‍රකාශ කර තිබුණා.
එසේම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පොදු දේපළ පනත යටතේ බව අධිකරණයට ප්‍රකාශ කළ පොලීසිය පෙර ලබාදී ඇති ඇප අවලංගු කර සැකකරුවන් රිමාන්ඩ් කරන ලෙසද ඉල්ලා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |