රියැදුරුට හා හෙදියට චන්ඩි පාර්ට් දාපු පුද්ගලයින් රිමාන්ඩ් .
රෝගියකු රෝහල්ගත කිරීමට ගිය සුවසැරිය ගිලන්රථයක රියැදුරුට හා එහි හෙද නිළධාරිනියකට මහරගම වත්තේගෙදර ප්‍රදේශයේදී සිදු කළ පහරදීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය වාර්තා කර තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම වත්තේගෙදර හා පිළියන්දල ප්‍රදේශවල පදිංචි 26 හැවිරිදි දෙදෙනෙකු බව පොලීසිය පවසා සිටියා. .
අසනීප තත්ත්වයෙන් පසුවන පුද්ගලයෙකු රෝහල් ගත කිරීම සඳහා පැමිණෙන ලෙසට 1990 සුවසැරිය ගිලන්රථ මධ්‍යස්ථානයට ඇමතුමකට ඇමතුමක් ලැබී තිබූ අතර ඒ අනුව මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත සුව සැරිය ගිලන් රථයක් මහරගම වත්තේගෙදර විලියම් අල්විස් මාවත ප්‍රදේශයට එදින අලුයම 01 පමණ ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදී බීමතින් සිටි පුද්ගලයින් පිරිසක් රෝහල්ගත කරන ලෙසට එහි සිටි පුද්ගලයින් පැවසීමත් සමඟ ගිලන් රථයේ හෙද නිධාරිනිය ඊට විරෝධය පළකර ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතරම බහින්බස් වීමක් සිදු වී පසුව සුවසැරිය ගිලන් රථයේ රියැදුරාට සහ හෙද නිළධාරිනියට පහර එල්ල කර තිබෙනවා.
අනතුරුව පහරකෑමට ලක් වූ දෙදෙනා 1990 සුව සැරිය ගිලන් රථ මධ්‍යස්ථානය දැනුවත් කොට ඇති අතර එහි නිලධාරීන් වෙනත් ගිලන් රථයක් එම ස්ථානයට ගෙන්වා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |