බෝවන රෝග ඇති අය දන්සල්වලට සහභාගි වෙන්න එපා....

Report

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් බෝවන රෝග ඇති පුද්ගලයින්ට දැනුවත් කිරීමක් සිදු කර ඇත.

ඒ දන්සල් සංවිධාන කටයුතුවලින් සහ දන්සල්වලට සහභාගී වීමෙන් වළකින ලෙසයි.

බ්‍රිතාන්‍යයේ දැඩි වෙන්න යන ආගමන නීති

බ්‍රිතාන්‍යයේ දැඩි වෙන්න යන ආගමන නීති

එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ මේ දිනවල බෝවන රෝග ඉතා ඉක්මනින් පැතිර යන බවයි.

ඒ නිසා අන් අයගේ යහපත වෙනුවෙන් හැකි තරම් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන මෙන් ඔහු පවසයි.

එසේම ඔහු සඳහන් කළේ වෙසක් සතිය තුළ රට පුරා පැවැත්වෙන දන්සල් සියල්ලම අඛණ්ඩව පරික්ෂා කිරීමට ද කටයුතු කරන බවයි.

ලෝකෙටම ආචාර කළ අපේ නිල් මානෙල් මල Anudi... ශ්‍රී ලංකාව දිනයි? (VIDEO) (PHOTOS)

ලෝකෙටම ආචාර කළ අපේ නිල් මානෙල් මල Anudi... ශ්‍රී ලංකාව දිනයි? (VIDEO) (PHOTOS)

මුතුකුඩ මහතා එහි දී තවදුරටත් කියා සිටියේ අපිරිසිදු ලෙස පිළියෙළ කරන ආහාර සහ සනීපාරක්ෂාවට අහිතකර අයුරින් ආහාර පිළියෙළ කරන දන්සල් එම ස්ථානයේ දී ම නතර කිරීමට ක්‍රියා කරන බවයි.

මේ වන විට රට පුරා දන්සල් 8894 ක් වෙසක් උත්සවයට සමගාමීව ලියාපදිංචි වී ඇති බව ඔහු සඳහන් කරයි.

ඒ අනුව එම දන්සල් පරික්ෂා කිරීමේ කටයුතු සිදු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2500 ක් යොදවා ඇති බවත් වාර්තා වේ.