ගොඩක් අය මාලනීට ලං උනේ වාසියට. අනෝජා වීරසිංහ

By Hashan May 29, 2025 09:53 AM GMT
Report

හෙළ සිනමාවේ නිළි රැජින හෙවත් මලානි ෆොන්සේකා මහත්මිය 26 මැයි මස 26 වන දින දැයෙන් සමුගත්තා .

ඇයගේ මේ වෙන්ව යාම මේ අඩුව කිසිම දිනක ලෙහෙසින් මේ සිනමාව තුළ පිරවීමට නොහැකිය.   නමුත් මාලනී මහත්මිය ගැන මේ දින වල නොයෙකුත් වැරදි ආරංචි පැතිරෙමින් යනවා. ඉතින් ඒ සියල්ලට උත්තර ලබා දෙමින් ප්‍රවීණ රංගන ශිල්පිනි අනෝජා වීරසිංහ පවසා සිටියේ මාලනී කියන්නේ මේ පොළොවේ පය ගහල හිටිය එඩිතර කාන්තාවක්

තව දුරටත් අනෝජා වීරසිංහ මහත්මිය මෙසේ පවසා තිබෙනවා

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

''රැජිනියක් කියන්නෙ රාජධානිය බලාගන්න කෙනානෙ. අක්කා එයාගේ ජීවිතේ අතෑරලා සිනමාව බලාගත්තා  අන්තිම මොහොත වෙනකල්.  අක්කගෙ රාජධානිය වුණේ සිනමාව. ඒ නිසා අක්කට අක්කව අතහැරුණා. මාලිනී ෆොන්සේකාව මාලිනී ෆොන්සේකාට අතහැරුණා. නමුත් රැජිණියකගේ යුතුකම් අක්කා අතින් ඉෂ්ඨ වුණා. මාලිනි අක්කා යාළු වෙලා හිටපු කෙනෙක් හරි විවාහ වෙලා හිටපු කෙනෙක් හරි දැන් මාලිනි අක්කට දොසක් කියනවා නම් ඒක හරි අසාධාරණයි. මොකද මාලිනි අක්කට ඕවට උත්තර දෙන්න බෑ දැන්.

අක්කා හෙව්වෙ ආදරේ. අපි කවුරුත් හොයන්නෙ ආදරේනෙ. මේක පටලවගන්න හොඳ නෑ.  තාවකාලික සහකරැවන් පැතුවා නම් දවසකට එක මනුස්සයෙක් ගාණෙ ඈට හොයාගන්න තිබුණා. මිනිස්සු බලාගෙන ඉන්නවා මාලිනි අක්කා දකින්න. එතකොට මාලිනි අක්කට මනුස්සයෙක් හොයාගන්න එක මහ ප්‍රශ්නයක්ද.  අක්කට වෙච්ච එකම වැරැද්ද තමයි ආදරේ පෙන්නගෙන ආපු අයගෙන් කීදෙනෙක්ද ඇත්තටම අක්කට ආදරේ කලාද කියන එක නොතකා හැරීම. අක්කා හින්දා ජනප්‍රිය වෙන්න ආපු අය හිටියා. අක්කා හින්දා චිත්‍රපට ලබාගන්න ආපු ඒ අය ගැන මම දන්නවා හොඳටම.

එයාලගෙ නම් කියන්න යන්නේ නෑ මම. මාවත් අක්කවත් කොටවන්න හදපු අය හිටියා. දෙන්නෙක් තුන්දෙනෙක් හිටියා උඩට එන්න මාලිනි අක්කව භාවිතා කරපු.  ඒ අය මාලිනි අක්කට ඇත්තටම ආදරේ කරේ නෑ. ඒ අයව අක්කා අන්තිම කාලෙදි දකින්නවත් කැමති වුණේ නෑ. ඒ තරම් අක්කට ඒගොල්ලන්ව අප්‍රසන්නයි.

මාලනීය අවසන් කාලේ හිටියේ දුකින්..ඇය රජයේ මුදල් වංචා නොකළ බවට ලිපි එළියට හෙළිදරව්වක්...

මාලනීය අවසන් කාලේ හිටියේ දුකින්..ඇය රජයේ මුදල් වංචා නොකළ බවට ලිපි එළියට හෙළිදරව්වක්...

කෙනෙක් අක්කාව කසාද බැඳල එයා එක්ක ජීවත්වෙන ගමන් තව ප්‍රේම සම්බන්ධතා ගොඩාක් තියාගෙන හිටියා. වැරදි කළ අයම බැනලා බැනලා එක එක කැත කතා කියලා තිබුණා . ප්‍රේක්ෂකයො මේවා දැනගත යුතුයි.  ඒ තරම් ජනප්‍රිය සිනමා නිළියක් කසාද බඳිනවා නම් ඒ කෙනා දැනගන්න ඕනි ඇගේ වෘත්තිය මොකක්ද කියලා. විශේෂයෙන්ම, සිනමාවේ නිළි රැජිනව කවුරු හරි විවාහ කරගන්නවා නම්, ප්‍රේම කරනවා නම් දැනගන්න ඕනි ඇගේ කාලය මට සියයට සීයක් හම්බෙන්නෙ නෑ කියලා.

කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ. මාලිනි අක්කට ගෙදර නතර වෙලා තමන්ගෙ දෙමව්පියෝ බලාගන්න කියනවා නම් එයාගේ මොළේ පරීක්ෂා කරන්න වෙනවා....''

උපුටාගැනීමකි Sudaa Creation සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින්