බලන් හිටිය ගාණකින් වැඩි වෙයි.. විශ්‍රාම වැටුප් ගැන ගත්ත විශේෂ කැබිනට් තීරණය මෙන්න..

Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Cabinet President of Sri lanka Latest Headlines
By krishani Aug 06, 2024 06:51 AM GMT
krishani

krishani

Report

රාජ්‍ය සේවයෙහි පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

බලන් හිටිය ගාණකින් වැඩි වෙයි.. විශ්‍රාම වැටුප් ගැන ගත්ත විශේෂ කැබිනට් තීරණය මෙන්න.. | Pension Disparities

රජය පෙන්වා දෙන්නේ රජය විසින් වරින් වර සිදු කරන ලද වැටුප් සංශෝධන මෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද විවිධ ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ඇතැම් විශ්‍රාමික කණ්ඩායම් වල විශ්‍රාම වැටුප් විෂමතා නිර්මාණය වී ඇති බවයි.

ස්ථාවර තැම්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්.. එකවරම ලැබුණ කැබිනට් අනුමැතිය මෙන්න..

ස්ථාවර තැම්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්.. එකවරම ලැබුණ කැබිනට් අනුමැතිය මෙන්න..


ඒ අනුව, 2016-01-01 දින සිට 2020-01-01 දින දක්වා විශ්‍රාම ගන්නා ලද රාජ්‍ය නිලධාරීන්ට යම් අසාධාරණයක් සිදු ව ඇති බව නිරීක්ෂණය වී ඇත.

එකී වැටුප් විෂමතාව ඉවත් කිරීම තුළින් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් 83,000ක පමණ පිරිසකට සහනයක් ලබා දීමට හැකි වන බව ඔවුන් පේනවා දෙනු ලැබීය.

රටම බලන් හිටිය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මෙන්න.. උදේන්ම ඇපත් බැඳලා..

රටම බලන් හිටිය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මෙන්න.. උදේන්ම ඇපත් බැඳලා..


කෙසේ වෙතත්, එම විශ්‍රාමික නිලධරයන්ගේ විශ්‍රාම වැටුප 2016-02-25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 හි උපලේඛන අංක 1 අනුව සම්පූර්ණ වැටුප පදනම් කර ගනිමින් උපරිම රුපියල් 2,500 ක වැඩි වීමක් ලැබෙන පරිදි සංශෝධනය කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.