කාගෙවත් කළු කුමාර දිෂ්ටියක් මට නැහැ - කොළඹ පුරපතිනියට මල පනී

Report

කොළඹ මහ නගර සභාවේ ඊයේ (10) පැවැති මහා සභා රැස්වීමේදී සිදුවූ උණුසුම් වාචාලයක් අතරතුර පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝයි බෝගහවත්ත මහතාගේ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් “පැලවත්ත” යන වචනය කැත ආකාරයෙන් භාවිතා නොකරන ලෙස ඉල්ලා සිටියාය.

මන්ත්‍රි රෝයි බෝගහවත්ත මහතා රැස්වීමේදී පුරපතිනියට කරන ලද අදහස් මෙසේය;

“ඔබතුමිය මාස 8ක් තිස්සේ මේ සභාව ගැටගහගෙන, ගළපගෙන, පාලනය කරගෙන යනවා. මම හිතන්නේ නැහැ වෙන කිසිම නගර සභාවක මේ තරම් ගැටලු, ප්‍රශ්න, අභියෝග ආවා කියලා. ගම්වල කියනවා ලස්සන ලමිස්සියන්ට කළු කුමාර දිෂ්ටිය වැහෙනවා කියලා. ඒ වගේ ඔබතුමියත් අද මේ සභාව පාලනය කරන්නේ පැලවත්තේ කළු කුමාරයට ඕනෑ විදියටයි. හැබැයි අත්දැකීම් බහුල, බුද්ධිමත්, මන්ත්‍රිවරු සහ නිලධාරීන් මෙහි ඉන්නවා. ඒ අයගේ යෝජනා ලබාගෙන කරගෙන ගියොත් ඔබතුමියට වරදින්නේ නැහැ.”

ගෝඨාභය රාජපක්ෂ තව දවස් දෙකකින් අල්ලස් කොමි­ස­මට - මොනවා වෙයිද?

ගෝඨාභය රාජපක්ෂ තව දවස් දෙකකින් අල්ලස් කොමි­ස­මට - මොනවා වෙයිද?

එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය:

“‘පැලවත්ත’ කියන වචනය කැත විදියට පාවිච්චි කරන්න එපා. කාගෙවත් කළු කුමාර දිෂ්ටියක් මට නැහැ. පැලවත්තේ එක්කෙනකුගේ විතරක් නෙවෙයි සියලුදෙනාගෙම අදහස් අනුව තමයි මම වැඩ කරන්නේ. මම ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මේ ආසනයට ආපු කෙනෙක්. මම ගන්නේ මගේ මන්ත්‍රිවරු 48 දෙනා සහ අපට සහාය ලබා දෙන මන්ත්‍රිවරු සහ මේ හැම දෙනාගෙම පැත්තයි. හැබැයි මගේ දේශපාලනය වෙනස් වෙන්නේ නැහැ. අපට තියෙන්නේ මතයක්. ඒ මතය තමයි ඉදිරියට ගෙනියන්නේ. හැබැයි මෙතන වැඩ කරනකොට සමහර වෙලාවට ආවේගශීලි වෙනවා.” 

කොළඹ අති උණුසුමට! ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වෛද්‍යවරුන් 370 GMOA කැඳවයි

කොළඹ අති උණුසුමට! ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වෛද්‍යවරුන් 370 GMOA කැඳවයි

ජනා­ධි­පති අර­මු­දලේ උසස් පෙළ විශි­ෂ්ට­යන්ගේ ශිෂ්‍යත්ව දෙගුණ කරයි

ජනා­ධි­පති අර­මු­දලේ උසස් පෙළ විශි­ෂ්ට­යන්ගේ ශිෂ්‍යත්ව දෙගුණ කරයි