පැතුම් විවාහයෙන් පසු ප්‍රථම වරට මාධ්‍යයට කියූ දේ මෙන්න..
By Aruna
ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ අද පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරඟය ජයගැනීම සිය කණ්ඩායමේ එකම අරමුණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසනවා.
පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.
පෙරේදා දිනයේ විවාහ දිවියට එළඹී නැවත වරක් කණ්ඩායමට එක්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්ණයකට පැතුම් පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ, විවාහ වී දින දෙකක් පසුවී කණ්ඩායමට එක්වී ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් සිය බිරිඳ එයට අකමැති නොවන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |