බන්ධනාගාරගත හිරුණිකා බැලීමට පාඨලී යයි...
By Parami Dissanayake
බන්ධනාගාර ගත කෙරුණ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බැලීම සඳහා අද (06) එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පක්ෂ සාමාජිකයෝ පිරිසක් වැලිකඩ බන්ධනාගාරයට ගියහ.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සුවදුක් බැලීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ, ඒ මහත්මිය ට අධිකරණයෙන් දුන් තීන්දුව පිළිබඳව කිසිදු විවේචනයක් නොමැති බවයි.
එහි දී, ඔහු සඳහන් කළේ, රටේ ක්‍රියාත්මක වන දේශපාලන පාතාලය ඔවුන්ට අභියෝග කරන පුද්ගලයන් ඉලක්ක කර මඩ ප්‍රචාර හා වද හිංසා කරන බව ය.