පාඨලීගේ නඩුවේ සාක්ෂි විභාගය නැවත අරඹයි - අධිකරණ නියෝගය මෙන්න
2016 වසරේ අපරික්ෂාකාරී ආකාරයට රිය පදවා ඇතිවූ රිය අනතුරකට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය අද (12) දින මහාධිකරණය හමුවේ නැවත ආරම්භ විය.
අඳාළ නඩුව අද මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවා ඇත.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රමගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටින මනුල් නිම්සුක අබේසුන්දර නැමැත්තාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය.
පසුව වැඩිදුර සාක්ෂි විභාගය මැයි 05 වන දින තෙක් කල්තැබීමට අධිකරණය නියම කර තිබෙනවා.
2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ආකාරයට රිය පදවා ඇතිවූ රිය අනතුරක් වසන් කිරීම, සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු වන දිනුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.