මමත් රණ්දෙණිගලට රිලවුන් ගිහින් දැම්මා- චම්පික රණවක
By Dilasha
තමන් පරිසර අමාත්‍යවරයාව සිටි කාලයේදී 2007 වසරේ පැවති රජයේදී රන්දෙණිගල ජලාශය මැද ඇති දූපතට වඳුරන් රිලවුන් ගිහින් දැමූ බව හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
පායන කාලයේදී ජලාශය සම්පූර්ණයෙන්ම හිඳියන විට දූපත හා ගොඩබිම යාවෙන බවත් එවිට රිලවුන් වඳුරන් සාමාන්‍ය පරිදි ගොඩබිමට පැමිණෙන බවත් ඔහු සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුව අත්හදා බලමින් ඉන්නේ පැවති ආණ්ඩු අත්හදා බලා අසාර්ථක වූ වැඩ බවද එක්සත් ජනරාජ පෙරමුණු විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.