Channel 4 නාලිකාවෙන් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක වීඩියෝවක්..ගෝඨාභය සහ ප්‍රබලයින් රැසකටත් චෝදනා.(VIDEO)

Sri Lanka Army Gotabaya Rajapaksa Mahinda Rajapaksa Sri Lanka Independent Commissions Sri Lanka
By Aruna Sep 05, 2023 02:17 AM GMT
Aruna

Aruna

Report

2019 වසරේ අප්‍රේල් මස 21 වන පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විශේෂ වාර්තා වැඩසටනක් විකාශය කිරීමට Channel 4 නාලිකාව අද සූදානම්ව සිටිනවා.

ඒ අනුව සැප්තැම්බර් මස 05 වනදා එනම් අද දින බ්‍රිතාන්‍ය වේලාවෙන් 11.05 ට මෙය විකාශ වනු ඇති බවයි පැවසෙන්නේ.

මෙම වැඩසටහන මීට පෙර අගෝස්තු මස 15 වනදා විකාශය කිරීමටයි සැලැසුම් කර තිබුණේ.

කෙසේ වෙතත් ඇතැම් තාක්ෂණික දෝෂ ඇතැයි පවසමින් එය කල් දමණු ලැබීය.

තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයේ (TMVP) නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්ගේ) මහතාගේ මාධ්‍ය ලේකම්ව සිටි අසාද් මවුලානා විසින් බරපතල අනාවරණයන් කිහිපයක්ම මෙම වීඩියෝ වැඩසටහනේ අන්තර්ගතව ඇති බවටයි තොරතුරු අනාවරණය වන්නේ.

කෙසේවෙතත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද මෙහි දී චෝදනා එල්ල වී ඇති බව ද එහි සඳහන් වනවා.

එමෙන් ම විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, නීතිපතිවරයා සහ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු රජයේ බලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව ද එහි දී චෝදනා එල්ල කර ඇති බවයි.

අදාල වීඩියෝව මෙතනින් නරඹන්න ?

GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha