සෞඛ්‍ය සහායකයින්ගේ නිල ඇඳුම් රෙගුලාසි ගැන රජයෙන් හදිසි ඉල්ලීමක් - ශානකියන් රාසමානික්කම්ගෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට විශේෂ ලිපියක්

By Kanchana Oct 17, 2026 07:09 AM GMT
Report

සෞඛ්‍ය සහායකයින්ගේ නිල ඇඳුම් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක රෙගුලාසි, වෘත්තීය ප්‍රමිතීන් සහ රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කරන අතරම, සංස්කෘතික හා ආගමික සංවේදීතාවන් ද සැලකිල්ලට ගනිමින් කඩිනමින් සමාලෝචනය කරන ලෙස දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ දේශපාලන කවුන්සිලය (Political Council of Tamil-Speaking Peoples) රජයෙන් ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් අද (17) සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින්, එම කවුන්සිලයේ කැඳවුම්කරු සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතා ඉල්ලා සිටියේ, පවතින නිල ඇඳුම් රෙගුලාසි සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් මෙම ගැටලුව සම්බන්ධයෙන් ලබා දී ඇති නිර්දේශවලට අනුකූලව අදාළ ලිපිය යොමු කර තිබේ. සායනික සනීපාරක්ෂාව සහ වෘත්තීය ප්‍රමිතීන් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වන අතරම, සාධාරණ සංස්කෘතික හා ආගමික මනාපයන් මෙන්ම විනීතභාවය සම්බන්ධ අවශ්‍යතා සඳහා ද නිල ඇඳුම් රෙගුලාසි තුළ ඉඩකඩ සැලසිය යුතු බව කවුන්සිලය අවධාරණය කර ඇත

ඒ අනුව, දැනට ක්‍රියාත්මක චක්‍රලේඛය සමාලෝචනය කර සංශෝධනය කරන ලෙසත්, සියලුම රාජ්‍ය සෞඛ්‍ය ආයතන සඳහා බලපාන පරිදි පැහැදිලි, ප්‍රායෝගික සහ සියලු පාර්ශ්වයන් ඇතුළත් කරගත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසත් එම කවුන්සිලය රජයෙන් ඉල්ලා තිබේ.

මේ අතර, පාර්ලිමේන්තුවේදී යෝජනා ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා කළ ආරාධනය සම්බන්ධයෙන් ද කවුන්සිලය සිය ලිපියෙන් කරුණු විමසා ඇත. ඒ අනුව, යෝජිත කමිටුව නිල වශයෙන් පත් කර තිබේද, මේ දක්වා අත්කරගෙන ඇති ප්‍රගතිය කුමක්ද සහ සංශෝධිත ජාතික චක්‍රලේඛය නිකුත් කිරීමට අපේක්ෂිත කාලසීමාව කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා තිබේ.

මෙම ගැටලුවට සාධාරණ විසඳුමක් ලබාදීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමටත් සහාය ලබාදීමටත් විපක්ෂ දේශපාලන පක්ෂ සූදානම් බව කවුන්සිලය සඳහන් කර ඇත. එහෙත්, අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් ක්‍රියාත්මක කිරීමේ වගකීම රජය සතු බව ද එමඟින් අවධාරණය කර තිබේ.

මෙම කරුණ මුල් කරගෙන අනවශ්‍ය වාර්ගික ආතතීන් ඇතිවීම වළක්වා ගැනීම සඳහා, අදාළ අමාත්‍යාංශය කඩිනමින් ප්‍රතිචාර දක්වා පැහැදිලි කාලරාමුවක් ඉදිරිපත් කළ යුතු බව ද කවුන්සිලය ඉල්ලා සිටියි.

දේශපාලන පක්ෂ හයක නියෝජනය සහිතව නිකුත් කර ඇති මෙම ලිපියට සමස්ත ලංකා මහජන කොංග්‍රසය (ACMC), ලංකා කම්කරු කොංග්‍රසය (CWC), ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA), ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK), ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (Tamil Progressive Alliance) යන පක්ෂ ඇතුළත් වේ. 

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නට දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නට දැනුම්දීමක්

Gallery