විවාද සහ යෝජනා රැසක් සමඟ අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූයේ මෙලෙසින්. (LIVE VIDEO)
මේ වනවිට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අද දින පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙරවරු 9.30 සිට 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
එමෙන්ම පස්වරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය, රේගු ආඥාපනත යටතේ යෝජනා සම්මතය, ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි අනුමත කිරීමට සහ සීමාසහිත ජය බහලුම් පර්යන්තයේ වාර්ෂික වාර්තාව විවාදයකින් තොරව අනුමත කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.