පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි.(VIDEO)

Parliament of Sri Lanka Sri Lanka Ajith Rajapakse
By Hashini Nov 07, 2023 04:16 AM GMT
Hashini

Hashini

Report

 නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

පාර්ලිමේන්තුව අද (07) සිට ලබන 10 වන දින දක්වා රැස්වීමට නියමිතය.

අද (07) ධීවර හා ජලජ සම්පත් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට (08) සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබද පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත බවයි.

එමෙන්ම ලබන 10 වනදා ‍මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් තුනක් විවාදයට ගැනීමට නියමිත බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව පළාත් පාලන ආයතන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සහ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතය.

එසේම නොවැම්බර් 13 වන දා ලබන වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් "අයවැය කතාව" පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 14 වන දින සිට 21 වන දින දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට නියමිත අතර අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 21 වන දින පස්වරු 06ට පැවැත් වෙනවා.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 22 වන දින සිට දෙසැම්බර් මස 13 වන දින දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිතයි.

ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් මස 13 වන දින පස්වරු 06ට පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශය පහතින්. 


ReeCha