අද සිට 10 වනදා දක්වා පාර්ලිමේන්තු සතිය ආරම්භ වේ

Report

ජූලි මාසය සඳහා වන පළමුවැනි පාර්ලිමේන්තු රැස්වීම් සතිය අද (07) සිට ආරම්භ වීමට නියමිතය.

අද සිට ලබන 10 වන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

ඒ අනුව, අද දිනයේ දී දූෂණ විරෝධී පනත යටතේ ඇති නියෝග සහ පුරාවස්තු ආඥා පනත යටතේ ඇති නියෝග විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතව තිබේ.

හෙට (08) දිනයේ දී ගෙවීම් සහ බේරුම් කිරීමේ පද්ධති පනත, රේගු ආඥා පනත, මෝටර් වාහන පනත මෙන්ම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝග රැසක් විවාදයට ගැනීමට නියමිතය.

එදිනම (බදාදා) පස්වරුවේ විපක්ෂය විසින් ගෙනඑනු ලබන, විදේශ ශ්‍රමිකයින්ගේ ගැටලු පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

ජූලි 09 වන බ්‍රහස්පතින්දා දිනයේ දී මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ සංශෝධන, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ සංශෝධන සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති සංශෝධන යන පනත් කෙටුම්පත් ත්‍රිත්වය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

ලබන සිකුරාදා (10) දිනයේ දී පෞද්ගලික මන්ත්‍රී යෝජනා 07ක් විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

රජය මගින් විශේෂ සති දෙකක් ප්‍රකාශයට - දිවයින පුරා ක්‍රියාත්මකයි

රජය මගින් විශේෂ සති දෙකක් ප්‍රකාශයට - දිවයින පුරා ක්‍රියාත්මකයි

60 පැනපු අමිර් ඛාන් තුන්වෙනි වරටත් සුරූපිණියක් සමග විවාහ දිවියට - කලින් විවාහයේ දරුවොත් වෙඩින් එකට ඇවිත්

60 පැනපු අමිර් ඛාන් තුන්වෙනි වරටත් සුරූපිණියක් සමග විවාහ දිවියට - කලින් විවාහයේ දරුවොත් වෙඩින් එකට ඇවිත්