අද පාර්ලිමේන්තුව රටටම විශේෂ වෙයි..සජීවී විකාශනය මෙතනින් නරඹන්න(LIVE)
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබෙනවා.
රාජ්‍ය මුල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය අද සිදුකිරීමට නියමිතයි.
අද පෙරවරු 9.30සිට පස්වරු 5.30 දක්වා ඊට අදාළ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මෙම විවාදය සඳහා වැඩි කාලයක් ලබා දීමේ අරමුණින් අද දින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සහ සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සලකා නොබැලීමට ද තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, රාජ්‍ය මුල්‍ය කළමනාකරන සහ ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදයෙන් අනතුරුව එය සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
පාර්ලිමේන්තුවේ සජීවි විකාශය පහතින් නරඹන්න.