කථානායකට එරෙහි විශ්වාසභංගයේ තීරණය සම්බන්ධයෙන් ලැබුණු නවතම තොරතුර..
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව 21 බ්‍රහස්පතින්දා දිනයේද විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණය විය.
ඒ අනුව එදින ප.ව 4.30 ට ඡන්ද විමසීම පැවැත්වේ.
එසේම විපක්ෂය ගෙනෙන යෝජනාව අනුව ගොවීන්ගේ වී මිලදි ගැනිම සම්බන්ධ ගැටලු පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය 22 සිකුරාදා ප.ව 12.30 සිට ප.ව 6.00 දක්වා පැවැත්වේ.