කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධුරය විපක්ෂයෙන් ඉල්ලයි..(Update)

Parliament of Sri Lanka Dinesh Gunawardena Sri Lanka Politician Ajith Rajapakse
By Aruna Feb 22, 2024 04:09 AM GMT
Aruna

Aruna

Report

Update 

කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධුර විපක්ෂයට ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළා. ඒ, අද (22) පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමිනි.

මෙම ධුර විපක්ෂයට ලබා දෙන බවට ගත වූ අරගල සමයේ දී කථානායකවරයා විපක්ෂයට ලිඛිත ව පොරොන්දු වූ බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව අදාළ තත්ත්වය පිළිබඳ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවධානයට යොමු කරන බවයි නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී පවසා සිටියේ.

...........................................

අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය ඇරඹෙයි.. මෙතනින් නරඹන්න.(LIVE)

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව, අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.