පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..සභාව විනාඩි 10කින් පසු යළි ඇරඹෙයි(LIVE)
පාර්ලිමේන්තුවේදී අද (23) පැවති වාචික පිළිතුරු සැසියේදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබනු ලැබීය.
අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස් වුණ අතර එතැන් සිට වාචික ප්‍රශ්න සහ පිළිතුරු සැපයීම සිදු විය.
එහිදී අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ඇසූ ප්‍රශ්නයක් සම්බන්ධව අනෙක් මන්ත්‍රීවරු අතර ඇති වූ උණුසුම්කාරී මත ගැටුමක් හේතුවෙන් විනාඩි 10කට පාර්ලිමේන්තුව කල් තැබීමට නියෝජ්‍ය කථානායකවරයාට සිදු වුණ බවයි.
මෙි අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපා බණ්ඩාරට සහ නලින් බණ්ඩාරට අද දිනයේදී පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව යන ලෙස කථානායකවරයා නියෝග කර තිබේ.