සුවසැරිය නොමිලේ ගිලන්රථ සේවාව ගැන යහපාලනයේ ප්‍රබලයෙක් කීව කතාව - ඉදිරියේ දී එම සේවාවට කුමක් සිදුවෙයි ද..?

Report

සුවසැරිය, නොමිලේ ගිලන්රථ සේවාවේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට මුදල් වෙන් කරන ලෙස විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රජයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඉල්ලා සිටියහ.

හදිසි ගිලන්රථ සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් වෙන් කරන ලෙස රජයට බලකරමින් පුද්ගලික අභියාචනයක් ලෙසයි එම මහතා එය ඉදිරිපත් කළේ.

1990 සුවසැරිය ගිලන්රථ සේවාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන හිඟ වී ඇති බව ඔහු පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් පැවසුවා.

1990 සුවසැරිය පදනම 2018 පාර්ලිමේන්තු පනත මගින් පිහිටුවන ලද අතර නොමිලේ ගිලන් රථ සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වී වසර 05 කට වැඩි කාලයක් ගත වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join