පාර්ලිමේන්තුවේ රහස් තොරතුරු අන්තර්ජාලයට යෑමේ බරපතළ අවදානමක්
පාර්ලිමේන්තුවේ තොරතුරු හා සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් බරපතළ අවදානම් තත්ත්වයක් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) සිදුකළ ඇගයීමකදී අනාවරණය වී තිබේ.
2025 වසරට අදාළ පාර්ලිමේන්තු කාර්ය සාධන වාර්තාවේ විගණන වාර්තාව මගින් මේ බව අනාවරණය කර ඇත.
2025 වසරේදී ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් පාර්ලිමේන්තුවේ තොරතුරු හා සයිබර් ආරක්ෂණය පිළිබඳ ඇගයීමක් සිදුකර ඇති අතර, එහිදී කරුණු 56ක් පරීක්ෂාවට ලක්කර තිබේ.
එම පරීක්ෂණයේදී කරුණු 46කට අදාළව ඉහළ මට්ටමේ අවදානම් පවතින බව හඳුනාගෙන ඇත.
කිරිපිටි රු. 260කින් මිල ඉහළට? BREAKING NEWS නමින් යන පුවත ගැන පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ නිවේදනයක්
සයිබර් තාක්ෂණය අවභාවිත කරමින් ඩිජිටල් පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වී සංවේදී තොරතුරු සොරකම් කිරීම, ආයතනයේ මෙහෙයුම් කටයුතුවලට බාධා කිරීම මෙන්ම වෙබ් අඩවිවල අන්තර්ගතය විකෘති කර ආයතනයේ කීර්තිනාමයට හානි කිරීම වැනි අනර්ථකාරී ක්‍රියා සිදුවීමේ අවදානමක් පවතින බවද එම ඇගයීමේදී අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර අවශ්‍ය ආරක්ෂක පියවර කඩිනමින් ගැනීමේ අවශ්‍යතාව පවතින බව විගණනයේදී නිරීක්ෂණය කර ඇත.