පාර්ලිමේන්තුවට තරඟ කරන සියලුම අපේක්ෂකයින්ට අද විශේෂ දිනයක්..හේතුව මෙන්න.

Report

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනයේදී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා.

සියලු දිස්ත්‍රික්කවල මනාප ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර, එම මනාප ලැයිස්තු පරීක්ෂා කර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යැවීමට පියවර ගෙන ඇති බවයි, එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ.

හිටපු ජනපති රනිල් ගෙන් විශේෂ ප්‍රකාශයක්..අනුර ජනපති වීමෙන් පසුව කරන පළමු ප්‍රකාශය.

හිටපු ජනපති රනිල් ගෙන් විශේෂ ප්‍රකාශයක්..අනුර ජනපති වීමෙන් පසුව කරන පළමු ප්‍රකාශය.


සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මහ මැතිවරණයේ එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි අවම මුදල අද ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන බවයි.

මේ අතර මහ මැතිවරණයට අදාලව නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සියලුම සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් අතර සාකච්ඡාවක් අද(16) දින පැවැත්වීමට නියමිතව ඇති බව ද වාර්තා වනවා.