කථානායක ඉල්ලා අස්විය යුතුයි..නැතිනම් නෙරපා දැමිය යුතු ය..මාලිමාවේම ප්‍රබල මහාචාර්යවරයෙක් ප්‍රසිද්ධියේ කියූ දේ මෙන්න.
කථානායක අශෝක රන්වල මහතා තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇත්නම් ඔහුට ඉල්ලා අස්වැන්නැයි බල කළ යුතු යැයි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කර සිටිනවා.
එසේ නොවෙනම් ඔහු ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවද රංජිත් මහතා කියා සිටියේ ය.
පසුගිය මහ මැතිවරණවලදී ජාතික ජන බලවේගය වෙනුවෙන් සෘජුව පෙනී සිටි දේවසිරි මහතා තම සමාජ ජාල ගිණුමේ මේ බව සඳහන් කරමින් මෙම සටහන තබා ඇත.
රන්වල පරීක්ෂාව!!! ===
ආණ්ඩුව තමන් ජනතාව දුන් පොරොන්දුව සම්බන්ධයෙන් බැරෑරුම්ව සිතන්නේ නම් කතානායක අසෝක රන්වල ගේ උපාධි පිළිබද තත්වය තමන්ම සොයා බලා ඔහු ඒ සම්බන්ධව වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබේනම් එක්කෝ අස්වන්නැයි බල කළ යුතුය.
නැත්නම් ඔහු ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. රන්වල මෙහි දී වරදක් කර තිබේනම් එහි වැරදි දෙකක් ඇත.
එකක් නැති උපාධි තිබේ යැයි ජනතාවට ප්‍රකාශ කිරීමයි.
අනෙක මෙවැනි කාලයක මෙවැනි දේ සම්බන්ධව ප්‍රසිද්ධියේ බොරු කියා, ඒ බොරු සගවාගෙන මෙවැනි කැපී පෙනෙන තනතුරක් දැමීමට හැකි යැයි කල්පනා කිරීමයි.
දෙවැනි වරද පළමු වරදට වඩා බරපතල වේ.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දැනගත යුත්තේ තමන් හිස් ආවරණ, පා අවරණ හා අනෙකුත් ශරීර අවයව සදහා වූ ආවරණ නොමැතිව ප්‍රබල වේග පන්දු යවන්නන් ඉදිරියේ පන්දුවට පහරදෙන ක්‍රිකට් පිතිකරු බලකායක් මෙන් බවයි.
You May Like This Video

