මුළු රටටම වැදගත් දෙයක් අද පාර්ලිමේන්තුවේදී සිදු වෙයි.(LIVE)
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පාර්ලිමේන්තුව ආරම්භවී තිබෙනවා.
ඒ අනුව, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද සිදුවන බවයි.
මේ අතර, හෙට පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු පිළිබඳ පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතයි.
විපක්ෂය විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබෙන බවයි පැවසෙන්නේ.
එමෙන්ම ලබන බ්‍රහස්පතින්දා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.
මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.