නව කථානායකත් ඉවත් කරයි?..ඔහුටත් පාර්ලිමේන්තුවේදී ලෙඩක් වැටෙයි.

Report

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු නොකරමින් කටයුතු කරන නිසා සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂ මන්ත්‍රි කණ්ඩායම ඊට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට සුදානම් වන බව වාර්තා වනවා.

පාර්ලිමේන්තුවේ ආසන සංයුතිය හා පාර්ලිමේන්තු කාරක සභාවල දැඩි ගැටලු පවතින බවට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් පිරිසක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සමඟ සාකච්ඡා කර ඇති බවයි පැවසෙන්නේ.

වැටුප් වැඩි කිරීමක් ගැන පාර්ලිමේන්තුවේ කතා වෙයි..වැඩි කළ යුතු ප්‍රමාණය මෙන්න.

වැටුප් වැඩි කිරීමක් ගැන පාර්ලිමේන්තුවේ කතා වෙයි..වැඩි කළ යුතු ප්‍රමාණය මෙන්න.


නමුත් එහිදී එම විපක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම මතු කළ ප්‍රශ්න පිළිබඳව කථානායකවරයා කිසිදු තැකීමක් සිදුකර නැති බව ද එම නිසා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවැසුවේ, ඉන් අනතුරුව නැවත පැවැති තේරීම් කාරක සභාවේදීද මේ පිළිබඳව විපක්‍ෂ නායකවරයා ඇතුළු කණ්ඩායම ප්‍රශ්න කර ඇති අතර එහිදීද එම මතුකළ කාරණා කථානායකවරයා තැකීමකට ලක් නොකළ බවයි.

එම නිසා පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ගත හැකි දැඩි ක්‍රියාමාර්ගයකට යන බව විපක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇති බවද වාර්තා වේ.

දවසට රුපියල් 17500 සිට 46000 දක්වා මුදල් ලැබෙන රැකියාවක්..අදම මේ ගැන ඔබත් දැනුවත් වන්න.

දවසට රුපියල් 17500 සිට 46000 දක්වා මුදල් ලැබෙන රැකියාවක්..අදම මේ ගැන ඔබත් දැනුවත් වන්න.


විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, දයාසිරි ජයසේකර, ගයන්ත කරුණාතිලක, ජේ.සී. අලවතුවල, අජිත් පී. පෙරේරා යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගි වී තිබේ.

You May Like This Video