අලුතිත් තේරී පත් වු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක්..එකදිගට දවස් 03ක් කරන්න යන දේ මෙන්න.

By Aruna Nov 16, 2024 06:56 AM GMT
Report

10 වැනි පාර්ලිමේන්තුවේ අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සඳහා විශේෂ වැඩමුළුවක් නොවැම්බර් 25, 26, සහ 27 යන දිනවල පැවැත්වෙන බව වැඩබලන පාර්ලිමේන්තු මහ ලේකම් චමින්ද කුලරත්න මහතා පවසයි.

නව මන්ත්‍රීවරුන්ට අත්‍යාවශ්‍ය දැනුම ලබා දෙමින් පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි, සැසිවාර ක්‍රියාකාරකම් සහ කමිටු ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙම වැඩමුළුවේදී අවධානය යොමු කෙරෙන බව කුලරත්න මහතා සඳහන් කළේය.

නව පාර්ලිමේන්තුවේ පත්වෙන්න ඉන්න කථානායක සහ සභානායක මෙන්න.

නව පාර්ලිමේන්තුවේ පත්වෙන්න ඉන්න කථානායක සහ සභානායක මෙන්න.


අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම නොවැම්බර් 18, 19 සහ 20 යන දිනවල පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු කෙරේ.

මෙම ක්‍රියාවලිය පහසු කිරීම සඳහා කැපවූ නිලධාරීන්ගෙන් යුත් කණ්ඩායම් අනුයුක්ත කර ඇති බව කුලරත්න මහතා වැඩිදුරටත් පැවසීය. 9

මෙම කටයුතු සුමටව සිදු කිරීම සහතික කිරීම සඳහා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලවල නිවාඩු නොවැම්බර් 18 සිට 22 දක්වා අත්හිටුවා ඇත.