උපාලි පන්නිලගේ ඇමැති ධූරය බල රහිත කිරීමේ පෙත්සමට දින
අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එලෙස උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන පෙබරවාරි 27 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හෙරත් විසිනි. එහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහ ලේකම්, රුහුණු විශ්ව විද්‍යාලය සහ එහි උප කුලපති ඇතුළු පිරිසක් නම් කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට පත්කළ බවයි.
මෙම පත්කිරීම සිදුකරන අවස්ථාවේදී උපාලි පන්නිලගේ මහතා රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයකු වශයෙන් සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී ඇති බවත් පෙත්සම්කරු කියා සිටි.
එම තත්ත්වය මැතිවරණ නීතියට පටහැනි බැවින් උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රි ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.