බිහිසුණු වෙඩි තැබීමෙන් ඩිලා මරුට - කුඩු සලිඳුගේ ප්ලෑනක් බවට පොලිසියට තොරතුරු

Report

පොලිසිය වාර්තා කරන්නේ පයාගල, නයිමුල්ල පඹය ප්‍රදේශයේ දී නිවසක් අසළ සිදු වූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මේ ආකාරයෙන් වෙඩි තැබීමෙන් ජිවිතක්ෂයට පත්ව සිටින්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන "පානදුර නිලංග" නැමැත්තාගේ මස්සිනා වන "ඩිලා" නමැත්තා බව පොලිසිය පවසයි.

ඒ අනුව “3eight” වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් "කුඩු සලිඳු"ගේ පාර්ශ්වය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට දැනට තොරතුරු වාර්තා වී ඇති බවත් පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

කළුතර පයාගල කැළඹෙයි - මීට සුළු වෙලාවකට පෙර වෙඩි තැබීමක්

කළුතර පයාගල කැළඹෙයි - මීට සුළු වෙලාවකට පෙර වෙඩි තැබීමක්

පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ පාසල් ප්‍රවාහනයට නව නීති

පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ පාසල් ප්‍රවාහනයට නව නීති