පකිස්ථාන හමුදාව හදිසියේම දරුණු ප්‍රහාරයකට ලක්වෙයි - 24 ක් ජීවිතක්ෂයට..!
By Sewvandhi
ඉස්ලාමීය කණ්ඩායමක් විසින්, වයඹදිග පාකිස්තානයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර පුපුරණ ද්‍රව්‍ය පිරවූ ට්‍රක් රථයක් හප්පා සිදුකළ ප්‍රහාරයකින් 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.
එම ප්‍රහාරයේ වගකීම, පාකිස්තාන තලිබාන් කණ්ඩායම භාරගෙන තිබුණි.
හමුදා කණ්ඩායමක් රැඳී සිටි එම ගොඩනැගිල්ලේ මීට පෙර පොලිස් ස්ථානයක් ස්ථාපනය කර තිබූ බව සඳහන් ය.
ට්‍රක් බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව තුවක්කුකරුවන් පිරිසක් එම ගොඩනැගිල්ලේ සිටි පිරිස් වෙත නොකඩවා වෙඩිතබා තිබුණි.