පාකිස්ථාන, ශ්‍රී ලංකා, සිම්බාබ්වේ T20 තුන්කොන් තරගාවලිය අදින් ඇරඹේ
තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද (18) රාවල්පින්ඩිහිදී ආරම්භ වීමට නියමිතව තිබේ .
සත්කාරක පාකිස්තානය සමඟ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ මේ තරගාවලියට එක් වන අතර තරගාවලිය ආරම්භ කරමින් අද (18) පාකිස්තානය සහ සිම්බාබ්වේ පළමු තරගයට එක් වෙයි.
පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කළේ මේ තරගාවලිය ඊයේ (17) ආරම්භ කිරීමට කලින් සැලසුම් කර තිබුණත් තරගාවලියට එක්වන කණ්ඩායම්වල ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ තත්ත්වයක් හේතුවෙන් තරග කාලසටහන සංශෝධනය කිරීමටයි මේ තරගාවලියේදී සල්මන් අගා පාකිස්තානය පිල මෙහෙයවන ලබයි.
වගේම සිකන්දර් රාසා සිම්බාබ්වේ පිලේ නායකයා ලෙස කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අනිද්දා (20) මේ තරගාවලියේ පළමු තරගයට එක් වන අතර, 22 වැනිදා පාකිස්තානයට එරෙහිව, 25 වැනිදා සිම්බාබ්වේට එරෙහිව සහ 27 වැනිදා පාකිස්තානයට එරෙහිව මූලික වටයේ තරගවලට එක් වේ.
තරගාවලියේ අවසන් මහ තරගය මෙම මස 29 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.
තරග කාලසටහන වනුයේ
18 : පාකිස්තානය – සිම්බාබ්වේ
20 : ශ්‍රී ලංකාව – සිම්බාබ්වේ
22 : ශ්‍රී ලංකාව – පාකිස්තානය
23 : පාකිස්තානය – සිම්බාබ්වේ
25 : ශ්‍රී ලංකාව – සිම්බාබ්වේ
27 : ශ්‍රී ලංකාව – පාකිස්තානය
29 : අවසන් මහ තරගය