වී මිලදී ගැනීම ගැන විපක්ෂයේ චෝදනා වලට නියෝජ්‍ය ඇමති නාමල් කට උත්තර නැතිවෙන්න කියයි
වී මිලදී ගැනීම ගැන විපක්ෂයේ චෝදනා වලට ඇමති නාමල් කට උත්තර නැතිවෙන්න කියයි විපක්ෂය වී වී මිලදී ගැනීම ගැන නගන ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් මේ වන විට කිසිදු ගැටලුවකින් තොරව රජයේ වී ගබඩා වලට වී මිලදී ගැනීමේ කටයුතු සිදු කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කර තිබේ.
වී මිලදී ගැනීමේදී ගැටලු පවතින බවට විපක්ෂයේ චෝදනා කිසිදු පදනමක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි .
මේ සම්බන්ධව තව දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා
'' චෝදනා නගන විපක්ෂය ගත්තොත් ඒගොල්ලන්ගෙ කාලේ වී ගබඩා වවුලන්ට රිලවුන්ට අත ඇරලා තිබුණේ.ඒ වගේ තරාදිම් පවා විකුණලා තිබුණේ කැළේ වැදිලා තිබුණේ. වී මිලදී ගැනීමක් කරලා තිබුණේ නෑ. ඒ තත්වෙ උඩ තමයි අපි ඒවා පිළිසකර කරලා වී මිල දී ගැනීම ආරම්භ කළේ ගොවියට හොද ආකර්ෂණීය වී මිලකුත් ලබා දුන්නා.මේ වනවිට රජයේ ගබඩා වල වී මිල දී ගැනීම් කරනවා . ගොවියෝ වී ගෙනත් දෙනවා නාඩු වී 1 kg 120 ටත් සම්බා වී කිලෝ 1 ක් 200 ටත් කීරි සම්බා කිලෝ එකක් 140 ට ගන්නවා . වී කිලෝ එකේ නිෂ්පාදන මිලත් අඩුවෙලා තියනවා . ගොවියෝ මේ මිල ගැන ගොඩක් සතුටුයි. ගොවි සංවිධාන මාධ්‍යටත් ඒ ගැන කියනවා . ''
තව දුරටත් මේ සම්බන්ධව අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ පසුගිය ආණ්ඩු සමයේ තිබූ වී මිලදී ගැනීමේ ඒකාධිකාරය තම ආණ්ඩු යටතේ බිඳ දමා ඇති බවත් ඒ තුළින් ප්‍රශ්න රැසක් විසඳී ඇති බවයි .
තවද මෙවර කුඩා පරිමාණ හා මහා පරිමාණ මෝල් හිමියනුත් වී මිලදී ගන්නා බවත් එතුමා සිහිපත් කර තිබේ