පැනමාවේ භූමිකම්පාවෙන් ගොඩනැගිලි කඩා වැටෙයි - ප්‍රධාන ආර්ථික මර්මස්ථාන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි
මධ්‍යම සහ දකුණු අමෙරිකානු කලාපයට බලපෑ පැනමාවේ සිදුවූ රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හේතුවෙන් එරටට මෙන්ම අසල්වැසි රටවල් රැසකට ද බලපෑම් එල්ල වී ඇත ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (9) රාත්‍රියේ සිදුවූ මෙම භූමිකම්පාවත් සමඟ කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි.
කොලොම්බියාව, ඉක්වදෝරය, නිකරගුවාව, කොස්ටාරිකාව සහ ග්වාතමාලාව ද ඒ අතරට අයත් ව තිබේ අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කරන පරිදි, පැනමා නගරයේ සිට කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි ජනාවාස අඩු ප්‍රදේශයකදී, පොළොව මතුපිට සිට කිලෝමීටර් 12.6ක ගැඹුරින් මෙම භූමිකම්පාව හටගෙන තිබේ භූමිකම්පාවෙන් පසු පසුකම්පන 80කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, භීතියට පත් දහස් සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂාව පතා නිවාසවලින් සහ ගොඩනැගිලිවලින් පිටතට පැමිණ තිබේ.
අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්
පැනමා නගරයට නිරිත දෙසින් පිහිටි පෙනොනෝම් නගරයේ හෝටලයක කොටසක් කඩා වැටීම ඇතුළුව ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, මේ දක්වා කිසිදු මරණයක් හෝ බරපතළ තුවාල සිදුවීමක් වාර්තා වී නොමැති බව සඳහන් වේ. එහෙත් රටේ පළාත් හයක විදුලි සැපයුමට බාධා එල්ල වී තිබේ.
මෙම හදිසි තත්ත්වය හමුවේ වුවද, පැනමා ඇළ, කොබ්‍රේ පැනමා තඹ පතල සහ ටොකුමෙන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන මේ වන විට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
ගුවන්තොටුපළේ කටයුතු ද තාවකාලික ගුවන් ගමන් සීමා ඉවත් කිරීමෙන් පසු යථා තත්ත්වයට පත්ව ඇත.
මෙම භූමිකම්පාව හේතුවෙන් පැනමාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1ත් 10ත් අතර ප්‍රමාණයකට සමාන ආර්ථික අලාභයක් සිදුවිය හැකි බවට ද ඇස්තමේන්තු පළ වී තිබේ. භූමිකම්පාවෙන් සිදුවූ හානිය සහ ජීවිත හානි අවම මට්ටමක පැවතීමට බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස එම ප්‍රදේශයේ ජනගහනය සාපේක්ෂව අඩු වීම පෙන්වා දී ඇත. අදාළ ප්‍රදේශයේ ජනගහනය 43,000ක් පමණ වන බව සඳහන් වේ.