පැතිර යන ඕමික්‍රෝන් නව කොරෝනා ප්‍රභේදය - මේ රෝග ලක්ෂණ තියේ නම් සැලකිලිමත් වන්න.

Report

මේ වන විට ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයේ පැතිර යාම පිළිබඳ දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේ ය.

පැතිර යන ඕමික්‍රෝන් නව කොරෝනා ප්‍රභේදය - මේ රෝග ලක්ෂණ තියේ නම් සැලකිලිමත් වන්න. | Outbreak Of Omicron Corona Strain

ඔමික්‍රෝන් ප්‍රභේදයට අයත් ජේ. එන්. වන් (JN1 )ලෙස හඳුන්වන නව කොවිඩ් ප්‍රභේදය ගෝලීය වශයෙන් වේගවත් ව්‍යාප්තියක් පෙන්නුම් කරයි.

ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද සඳහන් කළේ ය.

මෙම ප්‍රභේදය මේ වන විට ඉන්දියාව, චීනය, බ්‍රිතාන්‍ය, සිංගප්පූරුව සහ ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක පැතිර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ එහි අවදානම අඩු මට්ටමක ඇති බව යි.

මේ සම්බන්ධයෙන් දැනුවත් වීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

පැතිර යන ඕමික්‍රෝන් නව කොරෝනා ප්‍රභේදය - මේ රෝග ලක්ෂණ තියේ නම් සැලකිලිමත් වන්න. | Outbreak Of Omicron Corona Strain

මෙම නව කොවිඩ් වයිරස් ප්‍රභේදයේ ලක්ෂණ ලෙස හදුනාගෙන ඇත්තේ කැස්ස, සුවඳ සහ රසය නොතිබීම, අඛණ්ඩව පවතින උණ, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර අරුචිය සහ වමනය තත්ත්වයයි.

කෙසේ වෙතත්, මෙම රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.