ඉෂාරා සෙව්වන්දිගේ අම්මා සහ සහෝදරයා රඳවාගෙන ප්‍රශ්න කරන්න නියෝග
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව මේවනවිට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (25) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරියගේ මව වන සේසත්පුර දේවගේ සමන්ති සහ සොහොයුරා වන පිං පුර දේවගේ චමිදු තිවංක වීරසිංහ යන දෙදෙනා අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුට හා සැකකාරියට මෙම සිද්ධිය පිළිබඳව දැනුවත් භාවයක් තිබූ බව පෙනී ,ගොස් තිබෙනවා.
ඔවුන් දෙදෙනා අදාළ තොරතුරු වසන් කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවද නිලධාරින් සඳහන් කර සිටියා.
මෙම සිද්ධියට පෙර වෙඩික්කරුගේ මැසෙන්ජර් ගිණුමෙන් උසාවිය ළඟදී "සංජීවට ගහනවා" යනුවෙන් ප්‍රධාන සැකකාරිය සිය සොයුරාට පණිවිඩයක් එවා තිබූ බවද විමර්ශන නිලධාරින් අනාවරණය කරගෙන සිටියා.
වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව "වැඩේ ඉවරයි" යනුවෙන් තවත් පණිවිඩයක් එවා තිබූ බවත් පොලීසිය අධිකරණය හමුවේ අද පවසා තිබෙනවා.
එමෙන්ම ප්‍රධාන සැකකාරිය මුදල් හුවමාරු කිරීම සිදු කර ඇත්තේ අත්අඩංගුවට ගෙන තිබෙන සිය මවගේ බැංකු ගිණුම හරහා බවද මේ වමන විට අනාවරණය වී තිබෙනවා.
ප්‍රහාරයෙන් පසුව ඇය මීගමුව ප්‍රදේශයේදී රෙදි මිලදී ගෙන ඇත්තේද ඇයගේ මවගේ බැංකු ගිණුම හරහා බවත් පොලිසිය සඳහන් කර සිටියා.
ඒ අනුව මෙම ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකරු හා සැකකාරිය රඳවා තබා විමර්ශනය කරන බවයි පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ.
