ප්‍රතිදේහ එන්නතෙන් මරණයට පත්වූ සහ රෝගීන් ගැන අධිකරණ දුන් අලුත්ම නියෝගය මෙන්න.

Keheliya Rambukwella Ministry of Health Sri Lanka Sri Lanka Magistrate Court Immunoglobulins
By Wayomi Apr 08, 2024 10:36 AM GMT
Wayomi

Wayomi

Report

මැයි 31 වනදා ට පෙර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නිසා මරණයට පත්වූ සහ සංකූලතා ඇතිවූ රෝගීන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (08) නියෝග කර තිබෙනවා.

ඒ, අද ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සහ රෝහල් වෙත බෙදාහැරීමේ සිද්ධියට අදාළ නඩුව අද යළි මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී සලකා බැලූ අවස්ථාවේදීයි.

එම නඩුවට අදාළව මේ වනවිට රක්ෂිත බන්ධානාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 10 දෙනාද අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙහිදී අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරු ඉල්ලා සිටියේ "හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැප්" යන ප්‍රශ්නගත ප්‍රතිදේහ ඖෂධ එන්නත් කිරිමෙන් පසු මරණයට පත්වූ සහ සංකූලතා ඇතිවූ රෝගීන් සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් අධිකරණයට කැඳවන ලෙසටයි..

එම පැමිණිල්ල වෙනුවෙන් ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය කියා සිටියේ අදාළ ප්‍රතිදේහ එන්නත් හේතුවෙන් අගතියට පත්වූ පාර්ශ්ව පිළිබඳ සවිස්තරාත්මක විස්තර ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ වනවිටත් මෙම අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව කරුණු සළකා බැලූ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවක්‍රම මහත්මිය අදාළ වාර්තාව මැයි මස 31 වනදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කරනු ලැබුවා.

...........................................................................

May you Like