"විපක්ෂයට ආයේ දේශපාලනයක් නැහැ.. සීල් තියලා ගහලා ඉවරයි" - නියෝජ්‍ය ඇමති අරුණ

Report

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම් අවසන් කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ දේශපාලනික අවදානම් නොතකා ජාතික ජන බලවේගය සමඟ එක්වූ බවත්, වර්තමාන ආණ්ඩුවේ ශක්තිය හමුවේ විපක්ෂයට තවදුරටත් දේශපාලනය කිරීමට අවස්ථාවක් නොමැති බවත්ය.

රත්තරන් මිල මෙච්චර අඩුවට - ලංකාවේ රත්තරන් මිලට ඇස් උඩ යයි

රත්තරන් මිල මෙච්චර අඩුවට - ලංකාවේ රත්තරන් මිලට ඇස් උඩ යයි

“දේශපාලනික වශයෙන් අවදානම පැත්තකට දාලා තමයි මේ උතුම් ව්‍යාපාරයත් එක්ක අපි සම්බන්ධ වුණේ. අපි හදපු මේ ශ්‍රේෂ්ඨ ආණ්ඩුවේ, මහජන ආණ්ඩුවේ ශක්තියෙන් අපි විපක්ෂයට මොකද කරලා තියෙන්නේ? පාර්ලිමේන්තුවේ පුටු ටිකට හේත්තු කරලා, සීල් තියලා ගහලා ඉවරයි. ආයෙ දේශපාලනයක් නැහැ ඔවුන්ට”

යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (16) පැවති ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ හම්බන්තොට දිස්ත්‍රික් හමුව අමතමිනි.

අලුත් අවස්ථා සමඟ ආදායම් ඉහළට - අද ඔබට ජයග්‍රාහී දිනයක්

අලුත් අවස්ථා සමඟ ආදායම් ඉහළට - අද ඔබට ජයග්‍රාහී දිනයක්