විපක්‍ෂ නායක හා ඇමරිකානු තානාපති අතර හමුවක්.
අද (2) විපක්ෂ නායක කාර්යාලයේ දී ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් (Julie J. Chung) සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් පැවැත්වුණා.
ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී මැතිව් හින්සන් ද මේ අවස්ථාවට එක් වී සිටියා.
එහි දී දෙපාර්ශ්වය අතර වත්මන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබුවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා ජනතාව පීඩාවට පත්ව ඇති අයුරු ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිවරිය ඇතුළු පිරිස දැනුවත් කරනු ලැබුවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායකවරයා රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කරමින් නියමිත දිනට පැවැත්වීමට සැලසුම් කර තිබූ මැතිවරණ කල් දැමීමත් ජනතාව මර්දනය කරමින් ගෙන ඒමට උත්සාහ කරන විවිධ පනත් සම්බන්ධයෙන් ද අදහස් දැක්වූවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා ද මේ අවස්ථාවට සහභාගී වුණා.